.webp)
COLOMBO (News 1st) – දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතව තිබේ.
ඒ පසුගිය 18 වැනිදා ලෝක නායකයින් සහ තෙවැනි වාල්ස් රජු අතර බකිංහැම් මාළිගයේදී පැවති හමුවේදී ය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක්ව සිටි බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ, ඊයේ (19) මිහිදන් කෙරුණු දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට සහභගී වීම සඳහායි.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී පසුගිය 18 වැනිදා දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට සිය අවසන් ගෞරව දැක්වූහ.