.webp)
COLOMBO (News 1st) – හෙට (21) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16 ක් පහත සඳහන් ප්‍ර දේශවලට ජල සැපයුම් අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ:
කහහේන, හංවැල්ල, ජල්තර - රණාල, කඩුවෙල, මාපිටිගම, දොම්පෙ
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ, ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.