.webp)
COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මහ ජනතාවට පනවා තිබූ සීමා කිරීම් ලිහිල් කිරීමට පාර්ලිමේන්තු පරිපාලනය තීරණය කර තිබේ.
ඒ අදාළ අදාළ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබීමෙන් පසුවයි.
මහජනතාවට පාර්ලිමේන්තුව නැරඹීමේ අවස්ථා සීමා කෙරුණේ කොවිඩ් තත්ත්වය හා ආරක්ෂක හේතූන් මතයි.
මූලික පියවරක් ලෙස හෙට (20)සිට රැස්වීම් නොපැවැත්වෙන දිනයන්හීදී පසල් සිසුන්ට පාර්ලිමේන්තුව නැරඹීමේ අවස්ථාව උදාවේ.
ඒ සඳහා පෙර පරිදි පාරිලිමේන්තුවෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතුයි.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, උසස් අධ්‍යාපන ආයතන සිසුන් සඳහා මෙන්ම විදේශීය සංචාරකයින්ට ද මෙම අවස්ථාව හිමි වේ.
මේ අතර පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපනය කිරීමට යෝජිත ජාතික සභාව පිළිබඳ යෝජනාව, හෙට විවාදයට ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.
ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ පසුගිය දා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී ය.
ඒ අනුව අදාළ යෝජනාව විවාද කිරිමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතයි.