ලාංකික සිසුන්ගේ ඡායාරූපයක් නිකුත් වෙයි

රුසියානු ග්‍රහණයෙන් මුදා ගත් ලාංකික සිසුන්ගේ ඡායාරූපයක් නිකුත් වෙයි

by Staff writer 19-09-2022 | 1:43 PM

COLOMBO (News 1st) –  රුසියානු ග්‍රහණයේ සිට යුක්‍රේනයේ ඉසියුම් නගරයේ දී බේරාගත් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් 7 දෙනාගේ ඡායාරූපක් යුක්‍රේන මාධ්‍යවේදිනියක  සිය ටුවිටර් ගිණුමට එක්කර තිබේ. 

අදාළ මාධ්‍යවේදිනිය එහි සඳහන් කර ඇත්තේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ඒ අතර වන බවයි.

ඔවුන් අවුරුදු 20 - 40 ත් වයස්වල පසුවන්නන් බව ඇය පෙන්වා දෙයි. 

යුක්‍රේනයේ කුප්යන්ක්ස් ප්‍රදේශයට පැමිණ සති තුනක් අතර කාල සිමාවක දී මොවුන් රුසියානූ ග්‍රහණයට හසුව ඇති බව සිය ටුවිටර් පණිඩිවයෙන් මෙම මාධ්‍යව්දීනිය පවසයි. 

ඒ ඔවුන් කුප්යන්ක්ස් සිට කරකිව් ප්‍රෙද්ශයට යෑමට උත්සාහ කිරීමේදී  ය. 

ඉන්පසු මේ සිසුන් හත් දෙනා හඳුනානොගත් ප්‍රදේශයක රඳවා ගෙන සිටි බව ඇය වැඩිදුරටත් පවසයි.