.webp)
COLOMBO (News 1st) – හිරු නොබසින අධිරාජ්‍යයේ දීර්ඝතම කාලයක් කිරීටය දැරූ දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ඇබේහීදී ආරම්භ වී තිබේ.
වර්ෂ 1952 දී බ්‍රිතාන්‍යයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙස පත්වූ දෙවන එළිසබෙත් රැජිණ පසුගිය දා අභාවයට පත්වන තුරු වසර 70 කුත් දින 214 ක් එම තනතුරේ නායක වගකීම නොපිරිහෙළා ඉටුකරමින් පසුගිය 08 වෙනිදා ගමන නිමා කළා ය.
එතැන් සිට මේ දක්වා විවිධ චාරිත ඉටුකරමින් මහ රැජිණගේ දේහයට අවසන් ගෞවර දැක්වීම සිදු කෙරිණ.
දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ලොව පුරා රාජ්‍ය නායකවරු රැසක් ද ලන්ඩන් නුවරට පැමිණ සිටිති.