මුහුදුබඩ මාර්ගයේ තවත් දුම්රිය පීලි පැනීමක්..

තවත් දුම්රිය පීලි පැනීමක්: මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයකට සීමා කෙ⁣රේ..

by Staff writer 19-09-2022 | 6:50 PM

COLOMBO (News 1st) - හික්කඩුව බලා ධාවනය කළ දුම්රියක් මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැන තිබේ.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා කර ඇති බව  දුම්රිය ගමනාගමන අධිකාරිය පවසයි.

මේ අතර මීට දින  කිහිපයකට පෙර ද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීලි පැනීම් 2ක් වාර්තා විය. 

ඒ, කොම්පඤ්ඤවීදිය - කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතරදී සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්යේදීය.