221,000 ක් රැකියා සඳහා විදෙස් ගතවෙයි..

වසරේ ගතවූ කාලය තුළ 221,000 ක් රැකියා සඳහා විදෙස් ගතවෙයි..

by Staff writer 18-09-2022 | 4:23 PM

COLOMBO (News 1st) –  පුද්ගලයින් 221,023 ක් වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

එහි පුහුණු සහ බඳවා ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ඉන් වැඩි පිරිසක් මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවය. 

එම රටවල් වන්නේ, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් සහ සෞදි අරාබියයි.

විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය පිරිසෙන් වැඩි ප්‍රතිශතයක්, පිරිමි පුද්ගලයින් ය.

මෙම වසරේ පුද්ගලයින් තුන් ලක්ෂයක් විදෙස් රැකියා සඳහා යොමු කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉලක්කය වී ඇතැයි සෙනරත් යාපා මහතා සඳහන් කළේ ය.