යුරෝපයේ රැකියා:මුදල් වංචා කළ කාන්තාවක් කොටු..

යුරෝපයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට..

by Staff writer 18-09-2022 | 4:54 PM

COLOMBO (News 1st) – යුරෝපා රටවලට විශාල වැටුප් ලැබෙන රැකියාවලට යැවීමේ පොරොන්දුව මත කෝටි 05කට අධික මුදලක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ලබාගෙන මුදල් වංචාකළ කාන්තාවක් මීගමුව කොට්ඨාස විශේෂ වංචා විමර්ශන අංශය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී ය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ පදිංචි 46 හැවිරිදි දෙදරු මවකි.

එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 70 දක්වා මුදල් ලබාගෙන ඇති බවත් දැනට මෙම කාන්තාවගේ වංචාවට හසුවූ මීගමුවේ පුද්ගලයින් 6 දෙනකුගෙන් පැමිණිලි ලැබී ඇති බව ද පොලීසිය පවසයි.

සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇති තොරතුරු අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල කුලියට ගත් නිවෙස්වල සිට සැකකාරිය මෙම මුදල් වංචාව සිදුකර ඇති බවත් මිරිහාන, මාරවිල ප්‍රදේශවල විශාල පිරිසක් මෙම කාන්තාවගේ වංචාවට ගොඳුරු වී ඇති බව ද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් එම කාන්තාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර මෙම කාන්තාවගේ වංචාවට අසුවී ඇත්නම් විස්තර සහිතව පැමිණිලි කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

 
යුරෝපයේ ලොකු, ලොකු Job පෙන්වා කෝටි ගාණක් වංචා කළ කාන්තාවකට වැඩ වරදී

යුරෝපයේ ලොකු, ලොකු Job පෙන්වා කෝටි ගාණක් වංචා කළ කාන්තාවකට වැඩ වරදී #Europe #Job කැනඩාව ඇතුළු යුරෝපා රටවලට විශාල වැටුප් ලැබෙන රැකියාවලට යැවීමේ පොරොන්දුව මත කෝටි 05කට අධික මුදලක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ලබාගෙන මුදල් වංචාකළ කාන්තාවක් මිගමුව කොට්ඨාශ විශේෂ වංචා විමර්ශන අංශය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ පදිංචි 46 හැවිරිදි දෙදරු මවකි. එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 70 දක්වා මුදල් ලබාගෙන ඇති බවත් දැනට මෙම කාන්තාවගේ වංචාවට හසුවූ මීගමුවේ පුද්ගලයින් 6 දෙනකුගෙන් පැමිණිලි ලැබී ඇති බව ද පොලීසිය පවසයි. සිදුකල මූලික විමර්ශනවලදී හෙළිවී ඇති තොරතුරු අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල කුලියට ගත් නිවෙස්වල සිට සැකකාරිය මෙම මුදල් වංචාව සිදුකර ඇති බවත් මිරිහාන, මාරවිල ප්‍රදේශවල විශාල පිරිසක් මෙම කාන්තාවගේ වංචාවට ගොඳුරු වී ඇති බවද පොලීසිය පවසයි. මෙම කාන්තාවගේ වංචාවට අසුවී ඇත්නම් විස්තර සහිතව පැමිණිලි කරන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Posted by Newsfirst.lk on Sunday, September 18, 2022