දින 3ක් තුළ නෙළුම් කුළුණේ ආදායම රු. මිලියන 7.5ක්

දින 3ක් තුළ නෙළුම් කුළුණේ ආදායම රු. මිලියන 7.5ක්

by Staff writer 18-09-2022 | 3:50 PM

COLOMBO (News 1st) –  නෙළුම් කුළුණ ජනතාවට විවෘත කිරීමෙන් දින 3ක් තුළ රුපියල් මිලියන 7.5 ක ආදායමක් උපයා තිබේ. 

කොළඹ, නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේ, එම කාලසීමාව තුළ පුද්ගලයින් 14,000ක් පමණ කුළුණ නැරඹීමට පැමිණ ඇති බවය.

නෙළුම් කුළුණ නැරඹීම සඳහා ජනතාවට ලබාදුන් කාලසීමාව ද ඊයේ(17) සිට දීර්ඝ කර තිබේ. 

ඒ අනුව දහවල් 12.00 සිට රාත්‍රි 11.00 දක්වා එය නැරඹිය හැකි ය. 

එහෙත්, ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන්නේ රාත්‍රී 10.00 දක්වා පමණක් බව, විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේ ය.