තායිවානය ආශ්‍රිතව භූචලනයක්

තායිවානය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7.2 භූචලනයක්

by Staff writer 18-09-2022 | 2:14 PM

COLOMBO (News 1st) - තායිවානය ආශ්‍රිතව අද (18) පස්වරුවේ සිදුවූ ප්‍රභල භූ කම්පනයෙන් පසු දකුණු දිග ජපානයට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.

සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ ජපානයේ මියකොජිමා සහ යයේයාමා දූපත්වලටයි.

තායිවානයේ හටගත් භූ කම්පනයේ ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 7.2 කි.

ඉන්, තායිවානයේ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර දුම්රිය පීලි පැනීම් ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය අණාවරණය කළේ ය.

ආසියානු පැසිපික් කලාපයේ ජපානය, පිලිපීනය, තායිවානය හා චීනය යන රටවලට බලපෑම් එල්ල විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.