.webp)
COLOMBO (News 1st) – ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවල වැඩබලන අමාත්‍ය ධූර රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.
ඒ, දෙවැනි එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය වෙනුවෙන් ජනාධිපතිතුමා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාව සඳහා ය.
ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩබලන කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ලෙස ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීන් පත්කර තිබේ.
වැඩබලන තාක්ෂණ අමාත්‍ය ධුරයේ කනක හේරත් මහතා සහ වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිලුම් අමුණුගම යන මහත්වරුන් කටයුතු කරනු ඇති.
මේ අතර දෙවැනි එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය වෙනුවෙන් ඊයේ(17) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරට ළඟා වී තිබේ.