ගල්කිස්ස වෙඩි තැබීම: සැකකරුවන් සොයා මහජන සහය පතයි.

ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීම: සැකකරුවන් සොයා පොලීසිය මහජන සහය පතයි..

by Staff writer 18-09-2022 | 3:00 PM
COLOMBO (News 1st) - 2022 අගෝස්තු 04 වැනිදා ගල්කිස්ස අධිකරණ සංකීරණය තුළ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. ඒ අනුව ඔවුන්ගේ චිත්‍ර දෙකක් පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. මේ අතර සැකකරුවන් පලාගිය බවට සැක මෝටර් රථයක ඡායාරූපයක් ද නිකුත් කර තිබේ. ඒ අනුව, අදාල සැකකරුවන් සහ මෝටර් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් පහත  දැක්වෙන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය -  011-2717526 ගල්කිස්ස පොලිස් ස්ථානය -  071-8597664