කඩෙත් නැති බඩු හොරෙක් ළඟ...

කඩෙත් නැති බඩු හොරෙක් ළඟ...

by Chathurika Jayasundara 18-09-2022 | 12:41 PM

COLOMBO (News 1st) - සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ (17)  දෙමටගොඩදී පොලිස් අත්අඩංගුවට පත්විය.

ඒ, අත්බෝම්බයක් සහ කඩුවක් ද සමගිනි.

මීටඅමතරව, කොටස් ඉවත් කරන ලද  ජංගම දුරකථන 125ක්, ලැප්ටොප් පරිගණක 10ක්, කොටස් ගලවන ලද ඔරලෝසු 520ක් රූපවාහිනී යන්ත්‍ර 03ක්, පියානෝ 1ක් සහ ගිටාර් 1ක් සොයා ගැනීමට පොලීසිය සමත්විය. 

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ, දෙමටගොඩ ආරාම පාර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද (18) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.