තේරීම් තරග දෙවැනි දිනටත් දියගමදී..

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන තේරීම් තරගාවලිය අද දෙවැනි දිනටත් දියගමදී..

by Staff writer 18-09-2022 | 9:31 AM

COLOMBO (News 1st) - එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන තේරීම් තරගාවලිය අද (18) දෙවැනි දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අද දිනයේදී මීටර 5,000 කාන්තා, මීටර් 1,500 කාන්තා, යගුලිය විසි කිරීම පිරිමි, තුන් පිම්ම පිරිමි, මීටර 200 පිරිමි සහ කාන්තා යන ඉසව්ව ඇතුළු තරග රැසක් පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (17) ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ.පුවිතරන් රිටි පැනීම පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.