රුසියානු ග්‍රහණයේ සිටි ලාංකික සිසුන් 07ක් බේරා ගනී

රුසියානු ග්‍රහණයේ සිටි ලාංකික සිසුන් 07ක් යුක්‍රේන හමුදාවෙන් බේරා ගනී..

by Staff writer 17-09-2022 | 12:22 PM

COLOMBO (News 1st) - රුසියානු ග්‍රහණයෙන් මුදාගත් යුක්‍රේනයේ හාකිව් කලාපයෙන් ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු බේරාගත් බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

වද හිසංවට ලක්ව සිටි එම සිසුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇතැයි ද යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

යුක්‍රේන ආරක්ෂක අංශ අනාවරණ කළේ, රුසියානු හමුදාවන්ගෙන් යළි අත්පත් කරගත් ප්‍රදේශ මේ වනවිට සෝදිසියට ලක්කරන බවය.

එහිදී රුසියානු ග්‍රහණයේ පැවැති ගොඩනැගිලිවල සිරකර සිටි විදේශිකයින් අතර මෙම ශ්‍රි ලාංකික සිසුන් 7 දෙනාද වන බව යුක්‍රේන බලධාරින් සඳහන් කළේ ය.

යුක්‍රේන ආරක්ෂක අංශ සඳහන් කළේ, මෙලෙස බේරාගෙන ඇත්තේ, යුක්‍රේනයේ කුප්යන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ ඉගැනුම ලබමින් සිටි ලාංකික සිසුන් පිරිසක් බවයි.

පසුගිය මාර්තු මාසයේදී රුසියානු සොල්දාදුවන් විසින් අල්ලාගත් ගොඩනැගිල්ලක බිම් මහලක මොවුන් රඳවා තබාගෙන සිට තිබේ.