.webp)
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය.
කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා පැවසුවේ,ජනාධිපතිවරයා ඇතුළු පිරිස එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි බලා පිටත්ව ගිය බවයි.
ඩුබායි සිට ජනාධිපතිවරයා ඇතුළු පිරිස බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා යනු ඇති.
මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රථම නිල විදේශ සංචාරය ද වේ.