වී ගොවීන්ට කිලෝ 50ක යූරියා මිටියක් නොමිලේ

මහ කන්නයේදී වී ගොවීන්ට කිලෝ 50ක යූරියා මිටියක් නොමිලේ - මහින්ද අමරවීර

by Staff writer 17-09-2022 | 4:27 PM

COLOMBO (News 1st) - ඉදිරි මහ කන්නයේදී සෑම වී ගොවියෙකුටම කිලෝග්‍රෑම් 50 ක යූරියා පොහොර මිටියක් නොමිලේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවයි.

අඟුණුකොළපැලැස්සේ පැවති කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර වැඩසටහනකට අද(17) එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේ ය.