ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 17-09-2022 | 6:40 AM

COLOMBO (News 1st) - දේශීය පුවත්
01. කාකදූපත වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්
මෝදර, කාකදූපත වෙරළ තීරයට නාදුනන පුද්ගල මළ සිරුරක් ගොඩ ගසා තිබේ. 

02.අපේක්ෂා රෝහලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 5 ක පරිත්‍යාගයක්

අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් ලක්ෂ 5 ක චෙක්පතක් ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

03.2022 උ/ පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් නැහැ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කළ දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරින් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.

04. රටේ ප්‍රශ්න විසඳන්න බහුතරයකගේ සහය තියෙනවා – ජනපති

 රටේ ප්‍රශ්න විසඳීමට තමාට රටේ බහුතරයකගේ සහය ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

05.විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන හා සහතික කිරීමේ සේවා නවතී

 පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ, කොළඹ කොන්සියුලර් අංශයේ සත්‍යාපන හා සහතික කිරීමේ සේවා නැවත දැණුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

විදෙස් පුවත්

01.යුක්‍රේනයේ සමූහ මිනී වළක මළ සිරුරු 440ක්

යුක්‍රේනයේ ඉසියුම් ප්‍රදේශයේ සමූහ මිනී වළකින් සිරුරු 440ක් සොයා ගෙන තිබේ. 

ක්‍රීඩා  පුවත් 

01.20/20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.