කොවිඩ් මර්දන එන්නත දෙන්න විශේෂ වැඩසටහනක්

කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සති අන්තයේ විශේෂ වැඩසටහනක්

by Staff writer 17-09-2022 | 6:59 AM

COLOMBO (News 1st) - කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සති අන්තයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ, දැනට ක්‍රියාත්මක වැඩසටහනට අනුරූපව තෙවන හා සිව්වන බූස්ටර් එන්නත් ලබාදීම වෙනුවෙන් දිවයිනපුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.

අද (17) , ලබන 24 , ඔක්තෝබර් පළමුවැනිදා සහ ඔක්තෝබර් 4 වැනිදා දිවයිනපුරා සෑම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා රෝහල්වලදී මෙම වැඩසටහන පැවැත්වෙනු ඇති.

මෙහිදී වයස අවුරුදු 20 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා පළමු, දෙවන, තෙවන මාත්‍රාවත්, වයස අවුරුදු 12 සිට 19 අතර ළමුන් සඳහා පළමු හා දෙවන මාත්‍රාවත් ලබා ඇති බවට තහවුරු කිරීමෙන් අනතුරුව බූස්ටර් මාත්‍රාව ලබාදෙනු ඇති.

සතියේ දිනවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා රෝහල් හරහා ලබාදෙන සාමාන්‍ය කොවිඩ් 19 එන්නත් කිරීමේ සේවාවට අමතරව මෙම වැඩසටහන පැවැත්වෙන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.