ක්‍රිකට්, නෙට්බොල් විශිෂ්ටයින් ජනපතිගේ ඇගයීමට

ආසියානු ක්‍රිකට් ශූරයින්, නෙට්බෝල් ශූරියන් සහ පොදුරද මඬුලු පදක්කම්ලාභීන් ජනපතිගේ ඇගයීමට

by Staff writer 17-09-2022 | 4:05 PM

COLOMBO (News 1st) - ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ, එලෙස සිතනවානම් රට ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බවයි.

කණ්ඩායමක් ලෙස සාමුහිකව කටයුතු කිරීම ඔවුන්ගේ ජයග්‍රහණයට ඉවහල් වු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. 

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු නෙට්බෝල් ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩාවලියේ පදක්කම්ලාභීන් ඇගයීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සහයෝගය සංකේතවත් කරමින් ආසියානු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ සාමාජිකාවන් සඳහා එක් ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 2 බැගින් සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සඳහා රුපියල් මිලියන 2 ක බැගින් පිරිනැමීම මෙහිදී සිදු කෙරුණි.

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර පසුගිය දා පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පදක්කම් 4 ක් දිනා ගත්තේ ය.

 
''දසුන් වගේ අපිත් හිතුවොත්, ඇෆ්ගනිස්ථානයටත් වඩා වැටුණු රට ගොඩගන්න අපිට පුළුවන්..'' - ජනපති

''දසුන් වගේ අපිත් හිතුවොත්, ඇෆ්ගනිස්ථානයටත් වඩා වැටුණු රට ගොඩගන්න අපිට පුළුවන්..'' - ජනපති #Dasunshanaka #President #RanilWickremesinghe

Posted by Newsfirst.lk on Saturday, September 17, 2022