ආයතන 3 ක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට

අයෝජන මණ්ඩලය ඇතුළු ආයතන 3ක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට

by Staff writer 17-09-2022 | 5:41 PM

COLOMBO (News 1st) - අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, ඇතුළු ආයතන තුනක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පවරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනය අනුව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විෂය පථය යටතට පැවරෙන ආයතන වන්නේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවයි.

මෙතෙක් එම ආයතන මුදල් අමාත්‍යාංශය විෂය පථයට ඇතුළත්ව තිබුණි.

මෙම ගැසට් නිවේදනය අනුව ආදේශකයින්ට පුරවැසිභාවය ප්‍රධානය කිරීමේ විශේෂ විධිවිධාන පනත ක්‍රියාත්මක කිරීමේ බලය පැවරෙන්නේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයටයි.