.webp)
COLOMBO (News 1st) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන මස 14 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා නොතිසි යැවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ ය.
2019 අප්‍රේල් 21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝබ්ම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා පාදයක් ඉවත් කරනු ලැබූ ජේසුරාන් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ගොනු කර තිබු නඩුවක් සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෛත්‍රිපාල සිරිසේන මහතා නඩුවේ සැකකරුවෙකු නම් කර නොතිසි නිකුත් කරනු ලැබී ය.
එවකට රටේ විධායක ජනාධිපතිවරයා හා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නොසැලකිල්ල නිසා එම ප්‍රහාරය සිදුවී ඇති බවත් එබැවින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ ඔහු එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර නොතිසි නිකුත් කරන ලෙසත් පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.