ගිනිඅවි සමග පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ගිනිඅවි 2ක් හා කඩුවක් සමග පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

by Staff writer 16-09-2022 | 4:26 PM

COLOMBO (News 1st) - ගිනි අවි දෙකක් හා කඩුවක් සමග අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ, බටපොල, පොල්ලැව්ව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. 

ඔහු සතුව තිබී උණ්ඩ 12 ක් ද සොයා ගත් බව පොලීසිය පවසයි. 

පොලිස් විශේෂ කාර්ය බලකාය හා බටපොල පොලීසිය ඒකාබද්ධව අද දහවල් කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.