.webp)
-501422.jpg)
COLOMBO (News 1st) – සීදුව, වෑත්තෑව විහාරස්ථානයක හිමිනමක ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිසිය තවත් හිමිනමක අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඩුබායි බලා පිටත්ව යෑමට සුදානම්ව සිටියදී සැකකාර 18 හැවිරිදි හිමිනම අත්අඩංගුවට ගත් බවයි.
සීදුව වෑත්තෑවේ විහාරස්ථානයක නායක ස්වාමීන්වහන්සේගේ මළ සිරුර උන්වහන්සේ වැඩ සිටි කාමරයේ තිබී සොයා ගත්තේ ඊයේ පස්වරුවේයි.
එම කාමරය දෙසින් දුඟදක් හමන බවට ලද තොරතුරකට අනුව පොලිසිය කර පරීක්ෂා කිරීම්වලදී සිරුර හමුවී තිබේ.
පොලිසිය පැවසුවේ, අපවත්ව සිටි භික්ෂූන් වහන්සේගේ ඇස් බැඳ මුඛයට රෙදි කඩක් ඔබා දේහය සිවුරකින් වසා දමා තිබූ බවයි.
අපවත් වූ භික්ෂුන් වහන්සේගේ වයස අවුරුදු 50 කි.
විහාරස්ථානයේ තිබූ ජීප් රථයක් හා මෝටර් රථයක් ද අතුරුදන්ව තිබේ.
මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
