සැප්තැම්බර් (19) සඳුදා පාසල් නිවාඩුයි

සැප්තැම්බර් (19) සඳුදා පාසල් නිවාඩුයි

by Sagarika Chathumali 15-09-2022 | 3:30 PM

COLOMBO (News 1st) – ලබන 19 වැනිදා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය  පැවසුවේ, එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් පාසල් සඳහා ද නිවාඩු ලබා දෙන බවයි. 

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති ලබන 19 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණ.  

කෙසේ වෙතත් එදින බැංකු හා වෙළඳ නිවාඩු දිනයක් නෙවනු ඇති.