.webp)
COLOMBO (News 1st) – බේරුවල, මාගල්කන්ද මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.
බේරා ගත් එක් තරුණයකු මේ වනවිට රෝහල්ගත කර ඇත.
අප වාර්තාකරු පැවසුවේ, බේරුවල මාගල්කන්ද අලුත්හේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 සහ 18 ක තරුණයින් දෙදෙනකු එලෙස මිය ගොස් ඇති බවයි.
තරුණයින් තිදෙනා මුහුදේ දිය නාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් එක්ව එක් තරුණයකු බේරාගෙන රෝහල්ගත කර තිබේ.
පසුව නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී අනෙක් තරුණයින් දෙදෙනා ද සොයාගත් බවත් ඒ වන විටත් එක් තරුණයෙකු මියගොස් සිට ඇති බවත් අප වාර්තාකරු පැවසී ය.
