ඔස්ට්‍රේලියාවට යන්න බෝට්ටු දුන් අයෙකු කොටු..

හොර පාරෙන් ඔස්ට්‍රේලියා යන්න ප්‍රවාහන පහසුකම් සැපයූ අයෙකු STF අත්අඩංගුවට..

by Staff writer 14-09-2022 | 7:40 PM

COLOMBO (News 1st) –   නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට යාමට ප්‍රවාහන පහසුකම් සැපයූ ප්‍රධාන සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් කත්තන්කුඩි ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

සැකකරු 38 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

පොලීසිය පැවසුවේ , පසුගිය 10 වැනිදා කල්ලඩි පාලම අසලදී නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමට සූදානම් වූ පිරිසකට  බෝට්ටු මගින් ප්‍රවාහන පහසුකම් සැපයූ සැකකරුවන් 05 ‌දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.