ලංකාව - නේපාලය අතර ද්විපාර්ශවික එකඟතාවකට සාකච්ජා..

ශ්‍රී ලංකාව හා නේපාලය අතර ද්විපාර්ශවික එකඟතාවකට පැමිණීම වෙනුවෙන් ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්..

by Staff writer 14-09-2022 | 8:03 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාව හා නේපාලය අතර ද්විපාර්ශවික එකඟතාවකට පැමිණීම වෙනුවෙන් වන මූලික සාකච්ජාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14)පැවැත්විය. 

ඒ, සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට අදාළවයි. 

නේපාල තනාපති බාෂු දේව් මිෂ්රා මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව පැවැත්වුණේ, ජනාධිපති කාර්යාලයේදී ය. 

මෙහිදී සංචාරක ක්ෂේත්‍රය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙරට අතර තරුණ හුවමාරු වැඩසහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ජා වී තිබේ. 

ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා නේපාල රජය අතර සිදු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මේ අතර, ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටිවන්ස් මහතා හා එරට ආයෝජකයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද (14) සාකච්ජාවක නිරත විය. 

ඒ මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සම්බන්ධයෙන් බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.