වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට..

වනිඳු සහ භානුක ICC 20යි 20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට..

by Staff writer 14-09-2022 | 9:11 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC)  20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබේ. 

ඔහු 20යි 20 පන්දු යවන්නන් අතර 6 වැන්නා වී ඇත්තේ ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් ය.

වනිඳු හසරංග තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් අතර ද ස්ථාන 7කින් ඉදිරියට පැමිණ තිබේ. 

ඔහුට හිමිව ඇත්තේ, සිව්වැනි ස්ථානයයි.

මේ අතර, භානුක රාජපක්ෂ පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 34කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු 34 වැනි ස්ථානයේ රැදී සිටී.