.webp)
COLOMBO (News 1st) – රටේ බොහෝ ජනතාවක් පීඩාවට පත්ව සිටින මේ මොහොතේ, හැකි අයුරින් ඔවුන්ට දිරියක් වෙන්න ගම්මැද්ද කටයුතු කරයි.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ ආයතනයක් සමග අද (14) ගම්මැද්ද ගිවිසුම්ගත විය.
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අසරණ වී සිටින පවුල් තෝරා ගනිමින්, එවැනි පවුල්වලට දිරියක් වීමට ගම්මැද්ද පියවර ගත්තේ දීර්ඝ කලක සිටයි.
ඒ, අනුන්ගේ දුකේදී උණුවන හදවත් ඇති සහෘද ජනතාවගේ සහාය ඇතිවයි.
මේ වැඩපිළිවෙළට දැන් නව ශක්තියක් වන්නේ, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ ආයතනයක් වන කෝලේජ් ඔෆ් ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස් ඔෆ් ශ්‍රී ලංකා ආයතනයයි.
තෝරාගත් පවුල් වෙනුවෙන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට සහ එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දිරියක් වීමට මෙම වැඩ සටහනින් අපේක්ෂා කෙරේ.
මේ පිළිබඳව කෝලේජ් ඔෆ් ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස් ඔෆ් ශ්‍රී ලංකා ආයතයේ සහ ගම්මැද්ද නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද (14)සාකච්ඡාවක් පැවැත්විණ.
ව්‍යාපෘතියේ පළමු ප්‍රධානයද මෙහිදී සිදු කෙරිණි.