.webp)
COLOMBO (News 1st) – පසුගිය ජූලි 09 වැනිදා අරගලකරුවන් බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමෙන් අනතුරුව එහි භාණ්ඩවලට සිදුකළ අලාභය මේ දක්වා සිදු කළ තක්සේරුව අනුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික බව අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව(CID) අද (14) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කියා සිටියේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, එම ගොඩනැගිලිවලට සිදුකර ඇති අලාභය මේ දක්වා තක්සේරු කර නොමැති බවත්, එම අලාභය තක්සේරු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා , ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී ඇති බවයි.
එහි තිබූ රූපවාහිනි යන්ත්‍ර 2ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු තවදුරටත් ලබ න 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.