.webp)
COLOMBO (News 1st) – ගාල්ල සහ බලපිටියේ අද පෙරවරුවේ සිදුවූ දුම්රිය අනතුරු දෙකකකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවුසවේ, බලපිටිය වෙනමුල්ල ප්‍රදේශයේදී කොළඹ බලා ධාවනය වූ දුම්රියක වෑන් රථයක් ගැටීමෙන් එහි රියැදුරු මියගිය බවයි.
මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර ගාල්ල මකුළුවේදී රජරට රැජිණ දුම්රියේ වෑන් රථයක් ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය සඳහන් කළේ, වෑන් රථය දුම්රියේ ගැටී විසිවි ගොස් යතුරුපැදියක ද ගැටී ඇති බවයි.
අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.