ලංකාවට ආර්ථික අපරාධ චෝදනා..

එ. ජා. මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකා සම්බන්ධයෙන් පළමුවරට ආර්ථික අපරාධ චෝදනා..

by Staff writer 13-09-2022 | 7:28 PM

COLOMBO (News 1st) -  ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති ආර්ථික අපරාධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලය තුළ මේ වනවිට දැඩි අවධානයට ලක්වී තිබේ.

මහකොමසාරිවරියගේ වාර්තාවේ මේ පිළිබඳව සඳහන්ව තිබූ අතර , ඊයේ සැසිවාරය ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කළේ, ආර්ථික අපරාධ චෝදනා කොමිසමේ බලතල ඉක්මවා යාමක් බවයි. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ, සියලු ප්‍රජාවන්ගේ මානව හිමිකම්වලට බලපෑමක් වී ඇති ආර්ථික අර්බුදයට තිරසර විසඳුම් ලබාගැනීමට නම් මුල් බැස ඇති දූෂණ කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි.

අතීතයේදී හා මෑතකදී ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් , ආර්ථික සාපරාධ සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කර තිබුණි. 

 
?මානව හිමිකම් කවුන්සිලයේ ආර්ථික අපරාධ චෝදනා බලතල ඉක්මවා යාමක්..

?මානව හිමිකම් කවුන්සිලයේ ආර්ථික අපරාධ චෝදනා බලතල ඉක්මවා යාමක්.. -විදේශ ඇමති චෝදනා ප්‍රතික්ෂේප කරයි https://youtu.be/HE_cGbePS98 #lka #SriLanka #SLnews #News #UNI #MYD

Posted by Newsfirst.lk on Tuesday, September 13, 2022