.webp)
COLOMBO (News 1st) – ආසියානු ක්‍රිකට් සහ නෙට්බෝල් කිරුළු දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් අද(13) දිවයිනට පැමිණියේ ය.
වසර ගණනාවක ජයග්‍රහණ පිපාසයෙන් සිටි මෙරට ක්‍රීඩා ලෝලීන්ගෙන් ඔවුන්ට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.
6 වැනි වරටත් ආසියානු නෙට්බෝල් කිරුළ දිනූ ගයංජලී අමරවංශ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියේ ය.
ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ නායිකා ගයංජලී අමරවංශ
''අපි මෙම තරඟාවලියට සහභාගී වුණේ 2018 වර්ෂයේ ශූරයන් ලෙස. ඉතිං ඒ පීඩනයත් අපි තුළ තිබුණා, හැබැයි අපි කණ්ඩායමක් විදියට එකට ක්‍රීඩා කරපු නිසා ඒ පීඩනය අපිට කණ්ඩායමක් වශයෙන් එකට බෙදා හදාගෙන හොඳට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. අපිට තියෙන එකම අරමුණ අපිට කොමන්වෙල්ත් ගේම්ස්වලට සිලෙක්ට් වෙන එක. ඉතිං ඒ සඳහා හොඳ පුහුණුවීමක් ඒ වගේම හොඳ සැලැස්මක් අවශ්‍යයයි. ''
වසර 8කට පසුව ආසියානු කුසලාන සිහිනය සැබෑ කරගත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමට ගුවන්තොටුපොලේදී උත්සවයක්ද සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක
''මම හිතනවා මේක සුබ ලකුණක් අපේ ශ්‍රී ලංකන් ක්‍රිකට්වලට කියලා. තරගයක් අතරතුර වෙන්න ඕන දේ හරියට කරනවා මං හිතන්නෙ මගේ විශේෂත්වය ඒක වෙන්න ඇති. මට ගොඩක් සපොර්ට් එක හම්බවෙනවා සිලෙක්ටර්ස්ලගෙන් කෝචින් ස්ටාරිෆ් එකෙන්, ඒ වගේම ප්ලේයර්ස්ලගෙන්. ලෝකෙම ඉන්න කවුරුත් විශ්වාස කරන්නෙ නැතුව ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට මෙච්චර දුරක් යන්න පුළුවන් වෙයි කියලා. නමුත් පොඩි කට්ටියට මාර ටැලන්ට් එකක් තියනවා ඒක හරි වෙලාවෙදි ටියුන් කර ගන්න පුළුවන් නම් අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
ආසියානු ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත්, නෙට්බෝල් කණ්ඩායමත් කටුනායක ගුවන් තොටුපොලේ සිට කොළඹට පැමිණියේ විවෘත රථ 2කිනි.
ක්‍රීඩා ලෝලීන් ආසියානු ශූරයින්ට සුබ පැතීමට මග දෙපස රැඳී සිටියේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සහ නෙට්බෝල් කණ්ඩායම් කොළඹට ළඟා වූයේ සීදූව, ජා-ඇල ඇතුළු ප්‍රදේශ රැසකදී ක්‍රීඩා ලෝලීන්ගෙන් හිමි වූ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ ය.
නෙට්බෝල් කණ්ඩායම ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණයට පැමිණි අතර, ක්‍රිකට් ක්‍රීඩකයින් පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටයි.
''අපි හිතනවා වර්ල්ඩ් කප් එකත් අනිවාර්යයෙන්ම ලංකාවට ගෙනෙයි කියලා. අපි ඉතිං කොහොමත් ආසියාවේ වැඩ්ඩොනේ ශ්‍රී ලංකාව කියන්නෙ. අපිට නැතිවෙලා තිබ්බ ක්‍රිකට් ආයෙමත් ගෙනත් දුන්නට ඇත්තටම ගොඩක් ස්තූතියි''
''ශ්‍රී ලාංකික සමස්ත හැමෝම එකතු වෙලා සුබ පැතුවා. හැමෝගෙම ඒ ආශිර්වාදයත් එක්ක ඒෂියන් කප් එක අපිට හම්බවෙලා තියනවා. නෙට්බෝල් ටීම් එකත් මතක් කරන්න ඕන මේ වෙලාවෙ. ඉතිං හදවතින්ම ආදරෙයි''
''එදාට අපි ඒෂියා කප් දින්නා. නෙට්බෝල් කප් දින්නා. ලෙජන්ඩ්ස්ලා ඔස්ට්‍රේලියන්ස්ලා එක්කත් ගැහුවා. හරිම සංතෝෂ දවසක් ලෙවන්ත් සෙප්ටෙම්බර්. අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.''
''ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක අපි ඉන්නවා. ඔෆිස් එකේ වැඩ කරන ගමන් ආවේ. වැඩ දාලා ඔක්කෝම ආවේ. නෙට්බෝල් ටීම් එකටත් අපි සුබ පතනවා. ඇත්තටම සතුටුයි මේ වගේ අවස්ථාවක් ලැබිච්ච එක ගැන. ''
'' විශේෂයෙන්ම අපි ළඟ ජාති භේදයක් නෑ.සතුටින් ආවේ. කොහොමත්ම අපේ ලංකාව දිනනවා. එච්චරයි.''
ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව යෑමටද දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.
?ක්‍රිකට් සහ නෙට්බෝල් විශිෂ්ටයින්ට සුපිරි පිළිගැනීමක්..?ක්‍රිකට් සහ නෙට්බෝල් විශිෂ්ටයින්ට සුපිරි පිළිගැනීමක්.. "අපිට මෙච්චර දුරක් යන්න පුළුවන් වෙයි කියලා, ලෝකේ කවුරුත් විශ්වාස කරන්නේ නැතුව ඇති.." -දසුන් ශානක https://youtu.be/HE_cGbePS98 #lka #SriLanka #SLnews #News #UNI
Posted by Newsfirst.lk on Tuesday, September 13, 2022