හිටපු ජනපති මෛත්‍රී මහ රැජිණගේ අභාවයට ශෝකය පළ කරයි

හිටපු ජනපති මෛත්‍රීපාල මහ රැජිණගේ අභාවයට ශෝකය පළ කරයි

by Sagarika Chathumali 12-09-2022 | 4:44 PM

COLOMBO (News 1st) –  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12) බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ. 

අදාළ ග්‍රන්ථයේ ශෝක සටහන සටහන් කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සමග ද පිළිසඳරක නිරතව ඇත. 

එහිදී හිටපු ජනාධිපතිවරයා 2015 වර්ෂයේ දී තමන් ජනාධිපති වීමෙන් අනතුරුව තමන් බකිංහැම් මාලිගාවට කැඳවා  මහ රැජිණ තෑගි ලබාදීම සහ සංග්‍රහ කිරීම පිළිබඳව ද මතකය ආවර්ජනය කර තිබේ. 

මෙහිදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමිය පවසා ඇත්තේ ලෝකයේ බොහෝ දෙනෙකු කම්පාවට පත්ව සිටින මොහොතේ ශෝකය බෙදා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම ගෞරවයක් බවයි. 

එළිසබෙත් මහ රැජිණ සමග තිබූ සම්බන්ධතාවය පිළිබඳ මතකයන් බෙදා ගැනීම සම්බන්ධව ද එහිදි මහ කොමසාරිස්වරිය ස්තුතිය පළ කර ඇත.