දෙවන එළිසබෙත් රැජිණගේ දේහය එඩින්බරෝ වෙත

දෙවන එළිසබෙත් රැජිණගේ දේහය එඩින්බරෝ වෙත

by Staff writer 12-09-2022 | 8:16 AM

COLOMBO (News 1st):  දෙවන එළිසබෙත් රැජිනගේ දේහය රැගත් රිය පෙරහර එඩින්බරෝහි හොලිරූඩ්හවුස් මාළිගයට ළඟා විය. 

ඒ බැල්මරෝල් මාලිගයේ සිට පැය  6 ක ගමනකින් පසුවයි.

රැජිණට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් මග දෙපස රැඳි සිටිනු දක්නට ලැබිණ. 

ඔවුහු රැජිණ වෙනුවෙන් පුෂ්පෝපහාර පුද කළහ. 

රිය පෙරහරේ  ඇගේ දියණිය වන ඈන් කුමරිය ද ගමන් කරන අයුරු දක්නට ලැබිණ.  

96 වැනි වියේ පසු වූ බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින පසුගිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වැනි සඳුදා සිදු කිරීමට නියමිතයි.

ඒ වින්සර් මාළිගයේ රාජකීය සුසාන භූමියේදීයි.