ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට සුපිරි ජයක්

දිල්ෂාන්ගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට සුපිරි ජයක්

by Sagarika Chathumali 12-09-2022 | 2:15 PM

COLOMBO (News 1st) –රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 38 කින් ජය ගත්තේ ය. 

මෙම තරගාවලිය ඉන්දියාවේ පැවැත්වේ. 

ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 213 කි. 

තිලකරත්න දිල්ෂාන් ලකුණු 107 ක් රැස් කළ අතර ඩිල්ෂාන් මුණවීර ලකුණු 94 යි.

ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් ක්‍රිඩකයින්ට පන්දුවාර 18 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ හැකි වුයේ,  ලකුණු 180 ක් පමණි. 

ශේන් වොට්සන් ලකුණු 39 ක් රැස් කළේ ය. 

පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුලු 4 ක් බිඳ හෙළු අතර ජීවන් මෙන්ඩිස් කඩුලු 2 ක් දවා ගත්හ.