ඉඩම් ආරවුලක් දුරදිග ගොස් මරණ දෙකක්

ඉඩම් ආරවුලක් දුරදිග ගොස් මරණ දෙකක්

by Staff writer 12-09-2022 | 11:52 AM

COLOMBO (News 1st): කටාන, පහළ කඳවල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. 

පොලීසිය සඳහන් කළේ, ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

ඝාතනය සිදුකර සැකකරු ද නිවස පිහිටි ඉඩමේ ඇති මඩුවක ගෙල වැළලාගෙන මිය ගොස් තිබේ. 

මිය ගිය පුද්ගලයින් අවුරදු 62 ක සහ 58 යන වයස්වල පසුවේ.