.webp)
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීම සඳහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහය ලබාදීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා මහතා ඇතුළු නියෝජිත පිරිස අද(12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ මේ බව පවසා ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාවට එළැඹිය හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ බවයි.
ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ චෙන් චෙන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් යන මහත්වරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.