.webp)
COLOMBO (News 1st): දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චුන්ගොන් මහතා අද (12) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඊට අමතරව ඔහු කතානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතවරුන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චුන්ගොන් මහතා හෙට දිනයේ ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.
මාටින් චුන්ගොන් මහතා ඊයේ දිනයේ මෙරටට පැමිණයේ ය.
ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ, එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ මෙරටට පැමිණි ඒ මහතා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවයි.
අන්තර් පාර්ලිමෙන්තු සංගමයේ සාමාජික රටවල් සංඛ්‍යාව 178 කි.