.webp)

අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර මහතා ඊයේ(09) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදීය.
පසුගියදා මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අයුතු ජන රාශියක සමාජිකයෙකු වී සිටීම ඇතුළු චෝදනා යටත් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.
මරදාන පොලීසියේ රඳවා සිටි ළහිරු වීරසේකර මහතා අද(10) උදෑසන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙනි.
මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රත්වරයා අද පස්වරුවේ ජාතික රෝහලට පැමිණි ඔහු නිරීක්ෂණය කළේ ය.
