ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් තරගය

ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට

by Staff writer 10-09-2022 | 5:34 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව 2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට අද (10) සුදුසුකම් ලබා ගත්තේ ය.

තරගාවලිය සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. 

එහි අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව තරග වැදුණේ, හොංකොං කණ්ඩායම සමගයි.

එහි පළවෙනි කාර්තුවේ සිටම ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කාර්තු හතරම ජය ගත්තේ ය.

17 ට 7 ක්, 32 ට 16 ක්, 47 ට 25 ක් ලෙස පළමු දෙවන සහ තුන්වන කාර්තු ජය ගත් අතර නියමිත කාලය අවසානයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 67 ට 43 ක් ලෙසයි.

තරගාවලියේ අවසන් මහා තරගය හෙට(10) පැවැත්වීමට නියමිතය.