.webp)
ඇය ඒ බව කියා සිටියේ, නිව්ස්ෆස්ට් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින සමැන්තා පවර් මහත්මිය අද(10) පස්වරුවේ ජා-ඇල, ඒකල ප්‍රදේශයේ පිහිටි ගොවි බිමකට ගොස් ගොවීන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කළා ය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ පරිපාලක, සමැන්තා පවර් මහත්මිය ඇතුළු පිරිස අද පෙරවරුවේ මෙරටට පැමිණියා ය.
පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සහ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම ඇයගේ මෙම සංචාරයේ අරමුණයි.
පිරිස පිළිගැනීමට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
? ගොවීන් වෙනුවෙන් අ.ඩො. මිලියන 40ක ප්‍රදානයක්..? ගොවීන් වෙනුවෙන් අ.ඩො. මිලියන 40ක ප්‍රදානයක්.. #lka #News1st #USAID #SamanthaPower
Posted by Newsfirst.lk on Saturday, September 10, 2022