පිටිගල ඝාතනයක සැකරුවෙක් කොටු

පිටිගලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකරුවෙක් අලුත්ගමදී අත්අඩංගුවට

by Staff writer 10-09-2022 | 4:36 PM

COLOMBO (News 1st) - පිටිගල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අලුත්ගම නගරයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු අදාළ වෙඩි තැබීමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

සැකකරුවන් සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 16 වර්ගයේ ගිනි අවියක් ද සොයා ගෙන ඇත.

27 හා 36 හැවිරිදි සැකකරුවන් තල්ගස්වල හා නාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. 

පසුගිය 03 වැනි දා වෙඩි තබා එම මනුෂ්‍ය ඝාතනය සිදු කර තිබුණි.