.webp)
කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීම ගැන පැවති ආණ්ඩු විවිධාකාරයෙන් කතා කළත්, ඉන් දේශීය කිරි ගොවියාට සිදු වූ සෙතක් නැත.
මතකද කිරි දෙනුන් ආනයනය ?
කිරි දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘති පිළිබඳව පැවති ආණ්ඩු කිහිපයකට බරපතල චෝදනා එල්ල වේ.
2014 වසරේ අප මුල්වරට කිරි දෙනුන් විසි දහසක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ ගැටලු අනාවරණය කළෙමු.
එවක පැවති රජය ගෙන් වූ මේ කිරි දෙනුන් බොහොමයක් ගොවීන්ට ලබාදීමෙන් පසුව මිය ගිය අතර ඉතිරි දෙනුන්ගෙන් ද අපේක්ෂිත කිරි අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි විය.
පසුව 2015 බලයට පත් වූ යහපාලන ආණ්ඩුව ද මේ ව්‍යෘපෘතිය දිගටම ක්‍රියාත්මක කළ අතර 2017 හා 2018 වසරවල කිරි දෙනුන් 5000 ක් ආනයනය කිරීමට තීරණය කළේ ය.
මේ තීරණය ගත්තේ ව්‍යාපෘතියේ බරපතල ප්‍රශ්න ගැන විගනකාධිපතිවරයා විශේෂ වාර්තාවකින් කළ නිර්දේශ පවා නොතකමිනි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, නාමල් කරුණාරත්න,
06 - 04 - 19
විශේෂයෙන්ම එම ආණ්ඩුව කඩාවැටීමත් එක්ක මේ යහපාලනය කියන ආණ්ඩුව ආවා. එතකොට ඒ ආණ්ඩුවට ඕනෙනම් තිබුණා මේ ගිවිසුම ඉවත්කරගන්ඩ තිබුණා. හැබැයි එහෙම ඉවත්වෙනවා වෙනුවට මේ ගොල්ලෝ මේ වැඩේ දිගටම කරගෙන ගියා. ඇයි ඒ කරගෙන ගියේ මේකේ කුට්ටිය හොඳයි රස හොඳයි.
යහපාලන රජය සමයේ පත් කළ මහා පරිමාණ වංචා දූෂණ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ද මෙම කිරි ගවයින් ආනයනයේදී සිදු වූ අක්‍රමිකතා හෙළිදරව් විය.
අදාළ කිරි දෙනුන්ට බී වී ඩී රෝගය වැළදී ඇති බවත් එම රෝගය හඳුනාගැනීම සඳහා මෙරට පහසුකම් නොමැති බවත් අනාවරණය වූ කරුණු අතර වේ.
මේ ගැන ඕස්ට්‍රේලියානු මාධ්‍යත් වාර්තා කර තිබුණි.
අවස්ථා කිහිපයකදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළත් ඒ සෑම රජයක්ම තෝරාගෙන තිබුණේ එකම සැපයුම්කරුවෙක් ය.
ඒ, ඕස්ට්‍රේලියාවේ වෙලාඩ් රූරල් එක්ස්පෝර්ට් සමගම.
විගණකාධිපති වාර්තා හෙළි කළ කරුණුවලට අනුව පැවති රජයන් අදාළ සැපයුම්කරු තෝරාගෙන ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින්ද තොරවයි.
බලාපොරොත්තු වූ කිරි ධාරිතාවක් ලබා ගැනීමට නොහැකි වූ ආනයනය කළ දෙනුන් රෝගාබාධවලට ලක් වූ අතර දෙනුන්ගේ රෝග මෙරට ගවයින්ටත් බෝ වීමේ හැකියාවක් ඇති බව සත්ත්ව නිරෝධායන වාර්තා සඳහන් කළේ ය.
දේශීය කිරි ගොවියා කබලෙන් ලිපට ඇද දැමූ මේ තීන්දු තීරණවලට වගකිවයුත්තෝ කවු ද?
දේශීය කිරි ගොවියා කබලෙන් ලිපට ඇද දැමූ මේ තීන්දු තීරණවලට වගකිවයුත්තේ කවු ද ?දේශීය කිරි ගොවියා කබලෙන් ලිපට ඇද දැමූ මේ තීන්දු තීරණවලට වගකිවයුත්තේ කවු ද ? https://youtu.be/CTGghgnLoBY #lka #SriLanka #SLnews #News
Posted by Newsfirst.lk on Saturday, September 10, 2022