ගල් අඟුරු සැපයුම්කරුගෙන් කංචනට දැනුම්දීමක්

චෝදනා නිරාකරණය කරන තුරු ගල් අඟුරු සපයන්න බැහැ - සැපයුම්කරු ඇමති කංචනට දන්වයි

by Staff writer 10-09-2022 | 6:01 PM

COLOMBO (News 1st) - තමන්ට එල්ල කර ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරන තුරු ගල් අඟුරු සැපයුම් කළ නොහැකි බව අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, දන්වා ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ, ඒ අනුව එම කටයුතු නීත්‍යානුකූලව නිරාකරණය කිරීමටත් ඒ අතරතුර ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා පිළිබඳවත් සාකච්ඡා කළ බවය.