.webp)

ඒ, ශාන්ත ජේම්ස් මාළිගයේදීය.
රාජකීය උපදේශක කමිටුව ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව රාජකීයත්වයට පත්වීමේ ලියවිල්ලට තුන්වැනි චාල්ස් රජු අත්සන් තැබුවේ ය.
අනතුරුව සම්ප්‍රදායනූකූලව ජේම්ස් මාළිගයේ සඳලුතලයේදී චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු ලෙස නිල වශයෙන් නිවේදනය කළේ ය.
එහිදී මාළිගාව අසළට රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා පවත්වමින්, 'දෙවියන් රජු රැකදේවා' යන පාඨය හඬ නගා ප්‍රකාශ කළේ ය.
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරුන් වන ඩේවිඩ් කැමරන්, ටෝනි බ්ලෙයාර්, ගෝඩන් බ්‍රවුන්, තෙරේසා මේ සහ බොරිස් ජොන්සන් ද ඊට සහභාගි විය.
අනතුරුව රාජකීය සංගීත කණ්ඩායම රජු වෙනුවෙන් ප්‍රශස්ති වාදනයක් සිදු කළේ ය.
චාල්ස් රජුගේ පදවි ප්‍රාප්තිය ප්‍රකාශයට පත් කිරීමේ සමාප්ති උළෙලේදී රජු වෙනුවෙන් ආචාර වෙඩි මුර පැවැත්විය.
