අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක් අඩු මිලට සතොසෙන්

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල ගණන් පහළ දමයි

by Sagarika Chathumali 09-09-2022 | 12:21 PM

COLOMBO (News 1st) –  සතොස අද (09) සිට ආනයනික සුදු කැකුළු, නාඩු, රතු පරිප්පු, සුදු සීනි, හාල්මැස්සන් යන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක සහ තවත් භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ. 

ඒ අනුව, 
සුදු කැකුළු කිලෝවක් - 195 සිට 185  දක්වා 
සුදු නාඩු කිලෝවක් - 198 සිට  194  දක්වා 

රතු පරිප්පු කිලෝවක් - 460 සිට  429 දක්වා 
සුදු සීනි කිලෝවක් - 298 සිට 279 දක්වා 
හාල්මැස්සන් කිලෝවක් 1375 සිට 1350 දක්වා මිල ගණන් පහළ දමා තිබේ. 

මීට අමතරව  සුදුළුෑණු කිලෝවක් - 750 සිට 595 දක්වා සහ වටානා කිලෝවක් - 375 සිට 315 දක්වා මිල ගණන් පහත දැමූ බව සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පවසයි.