iPhone 14 එළිදකී...

iPhone 14 එළිදකී...

by Staff Writer . 08-09-2022 | 4:44 PM

COLOMBO (News 1st); ලෝක ප්‍රකට ඇපල් සමාගම සුවිශේෂි  අංගයන්ගෙන් සමන්විත  සිය නවතම මාදිලියේ නිෂ්පාදන පෙළ  පසුගියදා එළිදැක්වී ය. 

ඒ iPhone 14 Pro , iPhone 14 Pro Max , iPhone 14 සහ iPhone 14 Plus ලෙසයි. 

iPhone 14 Pro , iPhone 14 Pro Max... 

ඇපල් සමාගමට අනුව ස්මාර්ට් ජංගම දුරකතනයක මෙතෙක් හඳුන්වා දුන්  වේගවත්ම චිප් එක වන A16 Bionic මගින් මෙම නවතම මාදිලියේ දුරකතන බල ගැන්වේ. 

මීට අමතරව iPhone 14 Pro නවතම කැමරා පද්ධතියකින් ද  සමන්විත ය. 

ඇපල් සමාගම පවසන්නේ, iPhone හි පළමු වරට 48MP ප්‍රධාන කැමරාව quad-pixel සංවේදකයක් සහ වැඩිදියුණු අංගයන්ගෙන් සමන්විත බවයි. 

iPhone 14 Pro සඳහා ආකර්ෂණීය ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීම සඳහා   නව තාක්ෂණයන් සවිබල ගැන්වූ කැමරා පද්ධතියක් ද හඳුන්වා දී තිබේ.   

iPhone 14 Pro සහ iPhone 14 Pro Max නවතම දුරකතන දෙක deep purple, silver, gold, and space black යන අලංකාර නව නිමාවන් හතරකින් වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇති.  

අඟල් 6.1 සහ අඟල් 6.7 ප්‍රමාණවලින් මිලදී ගත හැකි දවස පුරා බැටරි ආයු කාලය සහිත  iPhone 14 Pro සහ iPhone 14 Pro Max මළ නොබැඳෙන වානේ සහ සිත් ඇදගන්නා සුළු වර්ණ හතරකින් සමන්විත ය. 

ඇපල් සමාගම පවසන්නේ, 48MP ප්‍රධාන කැමරාවක් සහිත quad-pixel සංවේදකයකින්  සහිත   ප්‍රෝ පෙළගැස්ම  අනෙකුත් ස්මාර්ට් දුරකතනවලට වඩා දැඩි  ජලය සහ දූවිලි ප්‍රතිරෝධය සහිත කාන්දුවීම් සහ අනතුරුවලින් ආරක්ෂිත බවයි. 


iPhone 14 සහ iPhone 14 Plus...... 

ඇපල් සමාගම නිවේදනය කළේ,iPhone 14 සහ iPhone 14 Plus ආකාර්ෂණීය මෙන්ම ප්‍රබල කැමරාවලින් නව ආරක්ෂණ හැකියාවන්ගෙන් සමන්විත බවත් 5-core GPU සහිත A15 Bionic චිප් සහිත මෙම මාදිලි දෙක  මගින් ඇදහිය නොහැකි කාර්ය සාධනයක් මෙන්ම කාර්යක්ෂමතාවක් ලබාදෙන බවත් ය.  

ප්‍රථම වරට චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කර ගත්  SOS පණිවුඩ සේවාවකින් ද මෙම නව නිෂ්පාදන සමන්විතවීම විශේෂත්වයකි. 

ඇපල් සමාගම පවසන්නේ, දිගු බැටරි ආයු කාලයක් සහිත විශේෂාංග සහ වේගවත් 5G සමග මෙම iPhone  පෙළ පෙරට වඩා දියුණු බවයි.   

iPhone 14 සහ iPhone 14 Plus මෙම නවතම ජංගම දුරකතන  midnight, blue, starlight, purple, and (PRODUCT)RED1 ලෙස සිත්ඇදගන්නා සුළු වර්ණ 5 කින් හඳුන්වා දී තිබීම විශේෂත්වයකි.