සනත් නිශාන්තට නොතීසි

සනත් නිශාන්ත ඇතුළු වගඋත්තරකරුවන්ට අධිකරණයෙන් නොතීසි

by Staff writer 08-09-2022 | 1:21 PM

COLOMBO (News 1st) –  රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 13 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි නිකුත් කර තිබේ. 

ඒ, අධිකරණයට අපහාස කළ බව කියන චෝදනාවට අදාළවයි.

ඒ සම්බන්ධයෙන් මේ වන විට ගොනු කර ඇති පෙත්සම් දෙකක් එදිනට සලකා බැලීමට ද, අභියාචානාධිකරණය අද නියෝග කළේ ය.